කාලයේ වැලි තලාව පහුරු ගාkaalayee waeli thalaawa pahuru gaa

Kalaye Walithalawa Pahuru Gaa

ගී පද

කාලයේ වැලි තලාව පහුරු ගා
නියඟ ගෙවී ලේ ගලනා මේ වෙලාවේ
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
ඒ සෙනෙහස යලි ඉල්ලා හඬන්නම්

වියැළුණු හෝපළු වනයේ
සුළගේ යන පඩරැල් මැද
අතීතයක ගුණ සුවඳක් විඳින්නම්
ඒ සුවඳම හමුවන තුරු සිටින්නම්

කාලයේ වැලි තලාව ....

ගිනි දැල්වෙන මරු කතරේ
පපුරු ගනස වැලි කැට මත 
ලතෙත් බවක සිහිලස සිහිකරන්නම්
ඒ සිහිලම පතමින් මඟ බලන්නම්

කාලයේ වැලි තලාව ....