කාලයක් අරන්kaalayak aran

Kalayak Aran

සංගීතය:
සමන්ත ගීකියනගේsamantha giikiyanagee
පද රචනය:
සමන්ත ගීකියනගේsamantha giikiyanagee

ගී පද

කාලයක් අරන් වචනය දෙනවා නම්
තව කල්පයක් වුණත් ඔබ වෙනුවෙන් ඉන්නම්
මුළු ලෝකයක් තරම් ආදරේ දැනෙනවා නම්
ඔබ ළඟින් හිඳන් ගීයක් මුමුණන්නම්
ආදරෙයි ආදරෙයි ආදරෙයි 
ඔබ තවම දන්නේ නෑ
ජීවිතේ මේ තරම් ආදරෙයි
කිසිදිනක දැනිලා නෑ......

නිතරම ඔබ ගැන සිත විමසන විට
ආදර සිතුවිලි උපදී මා හද
නෝක්කාඩු ලෙස මා බැලුවම
දහස් වාරයක් සුසුම් නැගෙයි හද
මල්සරා සැඟවිලාදෝ පෙම් හැඟුම් කෝ ළඳේ
ඔබ නමින් ගයමි මා මාලියෝ ආදරේ........

කඳු යායාක් ළඟ පැලක් හදාගෙන
කටට රහට පොඩි බතක් උයාගෙන
ඔබ හා දුක සැප එකට බෙදාගෙන
ඉන්නට පැතුවෙමි දිවිය පුරාවට
මා සිතුම් වැටහේ නම් සිත රිදුම් දෙන්නේ නෑ
මේ පැතුම් ඉටු වේ නම් තනිකමක් දැනෙන් නෑ.......

කාලයක් අරන්.......