ගී පද
කැළඹී හමනා සුලගේ හෝ වෙලිලා
රහසේ පතනා සුලගක් වී බැදෙනා
දිව රෑ පෙනෙනා සිහිනේ හෝ මැවිලා
මසිතේ රෑ තවරා විදිමී මා සිතිනා....
තේරුනිදෝ සැලෙනා සිතුවිලි හෝ
සිහිනේ වෙලිලා ලන්වීලා ඒවීදෝ
දැනෙනා සිත විදිනා මේ ආදරයම පතනා
නොනිදා සයනේ පතමී රූ මවා
ලංඋනිදෝ දැනෙනා තනිකම හෝ
ආදරෙ දැනිලා ලංවීලා ඒවීදෝ
සැමදා රූ මැවෙනා රෑ සිහිනයකම සරනා
නොනිදා සයනේ පතමී රූ මවා