ගී පද
කැළඹී හමනා සුළඟේ හෝ වෙලිලා
රහසේ පතනා සුවඳක් වී බැඳෙනා
දිවා රෑ පෙනෙනා සිහිනේ හෝ මැවිලා
මාසිතේ රූ තවරා විඳිමී මා සිතිනා...
(තේරුණිදෝ සැලෙනා සිතුවිලි හෝ
සිහිනේ වෙලිලා ලංවීලා ඒවීදෝ...//)
දැනෙනා සිත රිදෙනා
මේ ආදරයම පතනා
නොනිදා සයනේ පතමී රූ මා...
(ලංවුණිදෝ දැනෙනා තනිකම හෝ
ආදරේ දැනිලා ලංවීලා ඒවීදෝ...//)
සැමදා රුව මැවෙනා
රෑ සිහිනයකම සරනා
නොනිදා සයනේ පතමී රූ මා...
කැළඹී හමනා...