කලක් ඇවෑමෙන්kalak aewaemen

Kalak Awamen

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
පද රචනය:
ධර්මසිරි ගමගේdhharmasiri gamagee

ගී පද

චිත්‍රපටය: අපේක්ෂා (1978)

F කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සසැඳෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක් උනා
M කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
මා සිටියා මග දෙනෙත් අයා
සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
මා හදවත මල් ලොවක් කළා

F ජීවිතයක සෙනෙහස බැඳිලා
ආදරයක සෙවනැලි අතුරා
M මා හදවත විසිතුරු කරලා
ඇඳි සිතුවම් නොම යයි මැකිලා

කලක් ඇවෑමෙන්.../

M ආදර දෙවොලේ සීනු හඬින්
මා සිත ඔබ වෙත කැඳවනවා
F සීතල මීදුම් සේල ඉරා
ගත දවටාගෙන මා එනවා

කලක් ඇවෑමෙන්.../