ගී පද
කළ කළ දේ පල පල දේ//////
අඹ ඇටයක් හිටෙව්වාම පොල් පැලයක් ලැබෙනවාද
කුප්ප ගහේ කිසි දවසක වැල් මී රස දැනෙනවාද
තිත්ත වෙන්න පැණි රසයක් හිට පොළොවෙම තියෙනවා
හිටවන ගස් වල හැටියට ගස් හැදෙනවා…
කළ කළ දේ පල පල දේ////
හොඳක් කළොත් ඒ වාගේම හොඳක් ලැබෙනවා
කරන ක්‍රියාවේ ප්‍රතිපල ඒ අනුවම ලැබෙනවා
කැලේ සතාටත් නිරතුරු හොඳයි නරක හැඟෙනවා
කළ හොඳ සෙවණැල්ලක් සේ පසු පස්සෙම ලැබෙනවා…
කළ කළ දේ පල පල දේ////