කහට වැලි තීරයේkahata waeli thiirayee

Kahata Weli Thiraye

පද රචනය:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

ගී පද

කහට වැළි තීරයේ
මුහුදු වෙරළේ කොනේ
රුවන් මතු මාලිගා 
තැනුව අප බාලයේ
ඒ ද යලි කවද හෝ//

සිඹින රැළි මානයේ 
බිමෙක තනිවී ඔහේ 
එකතු වී ආදරෙන් 
මහල් තැනුවා පැයෙන්
ඒ ද යලි කවද හෝ//

දිනය ගෙවෙනා පැයේ
හිරුද ගිලුනා දියේ
මොහොතකින් සැම දමා
නැගිට යන ප්රීදතියෙන්
ඒ ද යලි කවද හෝ//

කහට වැළි තීරයේ..../
ඒ ද යලි කවද හෝ//