කහ සිවුර දරන්නටkaha siwura dharannata

Kaha Siwura Darannata

ගී පද

කහ සිවුර දරන්නට කම්පා වුණිද මගේ පුතා
ගැලපෙන්නැති සෙනෙහසකට හරස් වුණු නිසා
විරුද්ධ වුනේ පැලැන්තියට නොගැලපෙන නිසා
සමාවෙන්න මම වරදක් කළා මගේ පුතා.....

(පරම්පරාවෙම බූදලේ ඔබට මගේ පුතේ 
එය අත්හැර මහණ වෙලා ගමේ පන්සලේ....//)
කුරුලු කූඩුවක් කැඩුවම පව් පිරෙයි පුතේ
ඒ වගේ මං අකුසලයක පැටළුණාද පුතේ.....

කහ සිවුර......

(මහණ වෙලා ඔබට දුකක් නෑනේ මගේ පුතේ
ඔබ පෙම් කළ ඇය හඬද්දි දුකයි මට පුතේ...//)
ඒ කළ පව් ජීවිතේම වද දෙනවා පුතේ
බණක් කියලා හිත නිවන්න මගේ බුදු පුතේ......

කහ සිවුර.....