කහ පාට අරුණැල්ලේ (සුරංඟනාවි)kaha paata arunaellee (surannganaawi)

Kaha Pata Arunalle (Suranganavi)

සංගීතය:
රන්දිrandhi
පද රචනය:
අභිෂේකා විමලවීරabhisheekaa wimalawiira

ගී පද

කහ පාට අරුණැල්ලේ හුරතල් හිනා මැද්දේ
සල් මලක සුවඳත් අරන් ආවා සුරංඟනාවී 
මගෙ සුරංඟනාවී

හිරුටත් කලියෙන් අප ඇහැරවා 
සඳුගේ රැයේ අප සැනසුවා
දෝණිලාගේ ආදරේ අප්පච්චීලටයි
සුදු පුතුගේ ආදරේ අම්මට විතරමයි
මගේ දුවත් ඔයයි පුතුත් ඔයයි රත්තරනේ
දැනුනා කිරි සුවඳයි ආදරේ
 
ආයේ ඉපදුණේ හා පැටියෝ ඔයා නිසයි
මේ හුස්ම පවා රත්තරනේ ඔයාගෙමයි
අපි දෙන්නා තනිකර යන්න එපා කිසිදා
මුළු ලෝකේ ඔයා ළඟයි
දැනුණා දෙව් සුවඳයි ආදරේ

කහ පාට අරුණැල්ලේ....