කඩුව එපා නුඹේ දෑත දියන් මටkaduwa epaa numbee dhaetha dhiyan mata

Kaduwa Epa Nube

ගී පද

කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරී

කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී //
මනමේ කුමාරී
ප් ‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී

වාත වේග හී සර හුරු මට
මෙය අදහා ගන්නට බැරි දෙයකී
ආල නුරා මල් හී මෙතරම්
ඇයි නපුරු කියාපන්
ප් ‍රේමිය මනමේ කුමාරී //

කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී //
මනමේ කුමාරී
ප් ‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී

සීත සඳුන් ලා දළු සීතල
නුඹේ තවය තවරා හෙමින් හිනා වී
දෑත් දියන් නුඹේ කඩුව නොවේ
ලොව දිනන්න කුමාරී
ප් ‍රේමිය මනමේ කුමාරී

කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී //
මනමේ කුමාරී
ප් ‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී