කඳුළු කතාවේ නිමක් දුටුව දාkandulu kathaawee nimak dhutuwa dhaa

Kadulu Kathawe Nimak

ගී පද

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණු දා
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැඳුනා

ආසිරි චාමර පවන් සැලී
සෝ දුක් සංකා සෙමින් මැකී
දෙගුරුන් මිතුරන්
සුපැතුම් මැද්දේ
අපේම ලොව අපි තනිවූයේ

සුසුමක පාකර හසුන් යවා
දෙතැනක තනිවී හඬා දොඩා
ගෙවූ අතීතෙන්
අප සමුගන්නෙමු
අළුත් ලොවක රන් කිරුළු දරා