කඳුළැල් උහුලන්kandulael uhulan

Kadulal Uhulan

ගී පද

කඳුළැල් උහුලන් හිත ගැන්වූ වේදනා
විදිමී රහසින් පෙර මතකයේ එල්ලිලා
ඔබ මෙන් තවෙකෙකු හා යන්නට හිත නැති නිසා
තනිවී විදිමි ආදරයේ වේදනා

කෙටිකලකදි මේ හිතට වී පෙම් හැඟුම් අවුලුවා
අහසේ සැගවී ඈතටම වී නෙත හොයයි කෝ කියා
නොසිතූ මොහොතක ගියත් මා හඬවලා
නැවත එනකල් බලා ඉන්නම් සදා

හඩා වැලපී දවස ගෙවමී පැතු හීනෙට වෙලා
හුස්ම වැටෙන තුරා හිඳිමි තවත් හිතකට නොයා
නොසිතූ මොහොතක ගියත් මා හඬවලා
නැවත එනකල් බලා ඉන්නම් සදා

කඳුළැල් උහුලන් .....//