කඳුළක් වෙන් නෑkandulak wen nae

Kadulak Wenna

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
තුන්කම පන්නාලංකාරthunkama pannaalankaara

ගී පද

කඳුළක් වෙන් නෑ ඔය නෙතේ 
සුසුමක් වෙන් නෑ ඔබේ හදේ
පැතුම් බිඳ දමා ඔයා ගියත් ජීවිතේ 
(කඳුළක් වේවි සැමදා මගේ ජීවිතේ.....//)

(පෙරුම් පුරා මා සිත අරගත්තේ 
සතුටින් ඉන්නයි පෙමින් බැඳී...//)
ඒත් ඔබේ සිත රහසේ වෙනතක 
(තුරුළු වෙලා මට කඳුළු දිදී...//)

(කාත් කවුරුවත් නෑ මට මෙලොවේ
සිටියේ පණ මෙන් ඔබ පමණයි....//)
ඔබත් මේ ලෙසින් පිටු පා යයි
(මට ඇති සැනසුම මියැදී යයි...//)

කඳුළක් වෙන් නෑ......