ගී පද
කදුල නිවන්නම් නෙත නොතෙමනවානම්
තනියට ඉන්නම් තනි නොකරනවානම්
මතකයේ ඉන්නම් අමතක නොම වේ නම්
සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවානම්
මල් පූදින්නේ දැගිලි අතරේ
තැලී පෙලී මැයැදෙන්න නොවේ
සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි
හිත රිදවා හඩවන්න නොවේ
කදුල නිවන්නම් ....
හඳ පායන්නේ හිරු නැති ලෝකේ
ගණදුර දුරැකරවා ලන්නයි
සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනිවෙන
හිතකට එළියක් ලැබ දෙන්නයි
කදුල නිවන්නම් ....