කඳුකරේ කඳුකරේ කඳුකරේ පෙම් කතන්දරේkandukaree kandukaree kandukaree pem kathandharee

Kadukare Kadukare Kadukare Pem Kathandare

ගී පද

කඳුකරේ .... කඳුකරේ
කඳුකරේ පෙම් කතන්දරේ //

තරුණයෙක් සිටි සිදාදියේ ....
කඳුකරේ වෙත පිටව ගියේ
සඳකැන් වැගිරෙන රාත්‍රියේ 
ආවිදින්නට ආශාව තියේ //
කඳුකරේ .... පරිසරේ ....
බෙදනවා සුව නිරන්තරේ //

කඳුකරයේ පාලුව බින්දා ....
කඳුවැටි ඇගෙ ගී රසවින්දා
මිහිරක් කඳුකරයට කැන්දා
ගෙන එන ඇයගේ නම නන්දා //
මිහිරියේ .... ගැමිලියේ ....
කඳුකරේ මනහාරියේ //

ලස්සන මල් ගොමු වැල් අස්සේ
යයි කඳුකර මාවත ඔස්සේ
අත් අල්ලා කඳුවැටි බැස්සේ
ප්‍රේමෙන් උමතුව හැමතිස්සේ //
කඳුකරේ .... කඳුකරේ
කඳුකරේ රසයක් ඉතිරේ ////