කඳු මුදුනින් සඳ එළියක් සේkandu mudhunin sanda eliyak see

Kadu Mudunin Sanda

ගී පද

කඳු මුදුනින් සඳ එළියක් සේ 
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියවේ
හිමිවේවා සුවඳ මට ඔබේ

ලන්තෑරුම් පහන් සිල නිවා
සඟවා ගමි දෑසේ ඔබ සොයා
හැමදාකම සිතේ ගිනි නිවා
මගේ සඳ වෙනු රත්තරන් ඔයා

කඳු මුදුනින් 

මනමාලයි පිනි කැට වැස්ස
සඳ වාගේයි මට ඔබේ දැක්ම
පන වාගෙයි පිදුව සෙනෙහස
ඔබ ගාවින් යන්නේ නෑ මම