ජීවිතයේ තනි මංසල අතරමං වෙලාjiiwithayee thani mansala atharaman welaa

Jiwithaye Thani Mansala

ගී පද

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත 
සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යලි වඩින්න ආරාධනා


නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී දියාගෝ කාලයේ වෙරලේ
ජීවිතයේ දිගු ගමනින් අනාථවූ දා
ස්නේහයේ සත් පියුමින් යලිඳු පිපේවා
ආරාධනා.............. 


එදා සිනිඳු ගී සුවඳින් යුගදිවි අරනේ
ඔබේ උනුහුමේ යලිඳු උන්නෙමි
බිඳුනු එවන් රජ දනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යලි එලිය ලැබේවා ආරාධනා..