ගී පද
ජීවිතය අළුතින් - ලබන්නට ඇත්නම්
ළමා විය යළි ලබා
දිවි මඟ පුරන්නට ඇත්නම්
ජීවිතේ වැරදුණු තැන් - නිසා වූ කම්පාවෙන්
යළිත් නොවිඳින්නට
ලබන දිවි මග - ලොවට නිකසල
මාවතක් කර ගන්නෙමි
ලැබූ අමිහිරි පාඩම් - මැවූ සිත් පීඩාවන්
යළිත් නොලබන්නට
ලබන පණ නළ - ලොවට සිහිලැති
මඳ නලක් කර ගන්නෙමි