ගී පද
හැමදේම මට ලැබුණේ නුඹ හින්දානේ
ඔබ නොඑනා ගමන් ගියා යලි නේන සේ
මගේ පාඩුවේ වේදනා ඉවසුවා ආදරේ
ජීවිතේ ඔයාටමයි පූජා කළේ
ආයේ නම් ලැබෙන්නේ නෑ ඔබ මේ ආත්මයේ...
මගේ ලෝකේ මා ගාව ඔබ සතපවා
මතකයේ දිගු ගමනක් අරන් ඔබ ගියා
වෙනකෙකුගේ ආදරය යලි මට එපා
මම එතනමයි ඉන්නේ නෑ වෙනස් වෙලා
ජීවිතේ ඔයාටමයි පූජා කළේ
ආයේ නම් ලැබෙන්නේ නෑ ඔබ මේ ආත්මයේ...
මතු භවයේ හිමි වෙන්න පෙරුමන් පුරා
මං තනිවෙලා ඉන්නවා දිවි පුරා
හැමදාම හැමදේම ලැබුණත් නුඹෙන්
ළඟ ඉන්නේ නැති අඩුව දැනෙනවා තදින්...
හැමදේම මට ලැබුණේ...