ජීවිතේ කවියක්jiiwithee kawiyak

Jeewithe Kawiyak

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
බණ්ඩාර ඇහැලියගොඩbandaara aehaeliyagoda

ගී පද

ජීවිතේ කවියක්
ආදරේ.... සොඳුරුතම වදනක්
කඳුලැලි බිඳක්... හසරැලි පොදක්
එකට එක්වූ විට දැනේ
පෙර නොවිදි රසයක්

පසු පසින් හඹා එන අතවර
හැරදමා යා නොහැක බෝ දුර
දුකද ඉවසා දරාගන්නට
සිතට බල කරනා
හැඟුම් අවදිව මැවේ කවිකම

ජීවිතේ කවියක්.....

සෙනෙහසින් රැඳී උන් එක දන
පලා යයි නොකියාම ඈතට
පවුරු පදනම් බිදී දස අත
විසිර යන යාමේ
කවුරු නම් ළං වේද තනියට

ජීවිතේ කවියක්.....