ගී පද
ජීවිතයේ කාන්තාරේ තුරුණු වියලි වැල්ලේ
උතුරා ගලා යයි ආදරේ
මා එන මඟ සංසාරේ ලුහුබැඳ එක එල්ලේ
(දුටුවා ගලා එන ආදරේ)..//
(සුරංගනා කතා පොතේ කතා ලෙසේ
මිනිස් ලොවේ සුරංගනා ලොවක් ඇතේ)..//
(කටු ඇත මල් නටු මතේ ලප නැති දෝ සඳ වතේ)..//
ගජමුතු කැට උපදින්නෙත් වනපෙතේ
මා එන මඟ සංසාරේ ලුහුබැඳ එක එල්ලේ
(දුටුවා ගලා එන ආදරේ)..//
(කඳුයි හිමයි හිමින් සැරේ බැඳී බැඳී
මවයි නොයෙක් සිතුම් ඇලුම් කියා දිදී)..//
(සීතල නලරැල් දිගේ පායන හිරු සඳු නැගේ)..//
දෑතක් හා දෑතක් බන්දා
ජීවිතයේ කාන්තාරේ...
(උදා නොවූ උදෑසනක් උපද්දවා
දිවා රැයේ අලුත් හැඟුම් ගෙනත් දෙවා)..//
(ඔබෙ මෘදු පිවිතුරු හිතේ මට හෙට දවසක් ඇතේ)..//
නෙත පියවෙන තුරු ඔබටයි ජීවිතේ
මා එන මඟ සංසාරේ ලුහුබැඳ එක එල්ලේ
දුටුවා ගලා එන ආදරේ
ජීවිතයේ කාන්තාරේ...