ජිවිතයේ හොඳම හරිය අවුල් වෙලා යද්දීjiwithayee hondama hariya awul welaa yadhdhii

Jeewithaye Hodama Hariya Awul Wela Yaddi

ගී පද

ජිවිතයේ හොඳම හරිය අවුල් වෙලා යද්දී
තමා අතට තම අතවත් සෙවනක් නැති වෙද්දී
විරිත්තන්ඩ දහස් ගණන් මග බලාන ඉද්දී
නුඹට සැපක්දෝ මේ ඇස් කඳුලින් තෙත් වෙද්දී

මල් නටුවට පිනි බිඳුවක් බර වැඩි නැති හන්දා
මල් රේනුව හිස නමාන මේ ලෝකෙට වැන්දා
හීන පොකුරු හිත පුරෝන අපි කසාඳ බැන්දා
මංගල රෑ එලිවෙන තුරු නුඹ සමාව යැද්දා

ජිවිතයේ හොඳම හරිය ....

මුළු ලෝකෙට හොඳ මූනක් පෙන්නන්නට හන්දා
ඔබ වෙනුවෙන් මේ වනතුරු අපමන දුක් වින්දා
තව දුරටත් ඒ ගැන නම් කියන්න බැරි හන්දා
ගෑනියකට සමාව දී රැවටුනාද මන්දා

ජිවිතයේ හොඳම හරිය ....