ජීවත්වන තුරුjiiwathwana thuru

Jeewath Wana Thuru

සංගීතය:
නවරත්න අත්තනායකnawarathna aththanaayaka
පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

ජීවත්වන තුරු මා ඔබ සෙවණ පතනවා
ආයෙත් වෙන්වෙන දවසක් නැතිය සිතනවා
ජීවත්වන තුරු මා ඔබ සෙවණ පතනවා
ආයෙත් වෙන්වෙන දවසක් නැතිය සිතනවා

මතු කුමකට ළතැවෙමිදෝ ඔබට නොම හඬා
මුතු අමුණමි නෙත් යුගකින් කඳුළු කැට කඩා
ගෙට ගොඩවනු දකිනු රිසින් මිහිරි බස් දොඩා
මම ළතැවෙමි ඔබ පැමිනුණු පසු හරිමි විඩා

ජීවත්වන තුරු මා ඔබ...

මගේය හඬගා කීමට කිසිත් නැති ලොවේ
ඔබෙන් ලබමි සෙනෙහස එය මටම උරුමවේ
වෙසෙනතුරු මිනිස්බව ලැබ වෙසෙන මේ බවේ
ඔබට අහිමි මා මේ මතු දිනක පරනොවේ

ජීවත්වන තුරු මා ඔබ...