ජීවිතේ ඔබ කියාjiiwithee oba kiyaa

Jeevithe Oba Kiya

සංගීතය:
රුක්ෂාන් කරුණානායකrukshaan karunaanaayaka
පද රචනය:
ඩිලන්ත ශෙහාන්dilantha shehaan

ගී පද

ජීවිතේ ඔබ කියා කීව ඒ 
පෙම් කතා බොඳ වෙලා
මා දමා ඔබ ගියා බොඳ කලේ 
මාගේ පෙම් සිහිනේ ඔයා
(තරහක් නෑ මා කවදාවත් 
පළිගන්නෑ රත්තරනේ කවදාවත්.....//)

පෙර භවේ අපි පෙමින් ලං වෙලා ඉන්නැති 
සමු අරන් ඔබ මගෙන් වෙන් වෙලා යන්නැති
මේ තරම් වේදනා ඒ් නිසා වෙන්නැති
(ආයෙමත් ආයෙමත් ඒන්න මගේ සඳවතී.....//)

මේ සිතින් පෙම් කලේ ජීවිතේ ඔබේ නමින්
දැන දැනත් බොඳ කලේ ඔබ මගේ සිහිනයත්
විඳවනා දුක ඔයා දන්නේ නෑ සත්තකින්
(ආයෙමත් ආයෙමත් ඒන්න මගේ සඳවතී.....//)

ජීවිතේ ඔබ කියා.....