ජීවිතේ මා හා එදාjiiwithee maa haa edhaa

Jeevithe Ma Ha Eda

සංගීතය:
ගිහේන් නිශාන්giheen nishaan
පද රචනය:
නිශාන් ප්‍රනාන්දුnishaan pranaandhu

ගී පද

ජීවිතේ මා හා එදා ආදරෙන් හිඳින්න සැමදා  
කී කතා ගොළු වී මෙදා පාළුවෙන් මා තනි වුණා 
විඳගමි පැමිණෙනා දුක් සුසුම් වේදනා 
ඔබ තුටින් හිඳි නම් මේ සසර භවයේ පුරා.......

දුප්පත්ව මා ඉපිද ආදරය ඉල්ලන්න
ආ නිසා ඔබ හැරගියා
ඒ දුන්න දුක් ගින්න මා හදට වාවන්න
බැරි බවම ඔබ දන්නවා.....
විඳගමි පැමිණෙනා දුක් සුසුම් වේදනා 
ඔබ තුටින් හිඳි නම් මේ සසර භවයේ පුරා.......

ජීවිතේ මා හා එදා..........

ඔබ සතුටු කරවන්න ඔබ ළඟින් මා ඉන්න
දුටු සිහින අද බොඳවෙලා
ඔබ නැතිව මා ගෙව්ව සිව් වසර ගතවෙන්න
කල්පයත් මට මදි වුණා.....
විඳගමි පැමිණෙනා දුක් සුසුම් වේදනා 
ඔබ තුටින් හිඳි නම් මේ සසර භවයේ පුරා.......

ජීවිතේ මා හා එදා..........