ගී පද
ජයසිරි මා හාමුදුරුවනේ..
(ජයසිරි මා හාමුදුරුවනේ)
දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා..
ගිණිමැල ගහගෙන රැක හිටියා..
(එහෙව් අපට අද එන්ඩ තහංචිද)
ජය සිරි මා හාමුදුරුවනේ..
වැලි මළුවේ ඉඳ සාදු කියන කොට
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි..
ඉස්සර වාගෙම දාඩිය මුහුවුනු
අපේ බාර පිලිගන්ඩ හොඳයි..
ජයසිරි මා හාමුදුරුවනේ
(ජයසිරි මා හාමුදුරුවනේ)
රන් වැට පාමුල සාදු කියන කොට
ලෙංගතුකම් නොහිතන්ඩ හොඳයි..
බුදු හාමුදුරුවො දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි..
ජයසිරි මා හාමුදුරුවනේ..
(ජයසිරි මා හාමුදුරුවනේ)
දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා..
ගිණිමැල ගහගෙන රැක හිටියා..
(එහෙව් අපට අද එන්ඩ තහංචිද)
(ජය සිරි මා හාමුදුරුවනේ...////)