ජය සිරි මහ බෝධිjaya siri maha boodhhi

Jayasiri Maha Bodhi

ගී පද

ජය සිරි මහ බෝධි
රන් වැලි සෑ ආදි
මිහින්තලය ඉසුරුමුණිය
අව්කණ සිරිපා ඉමේ
රන් රන්ගිරි දඹුලු ගලේ
සරණයි නිදහසට හෙලේ

අනුරපුරය පොළොන්නරුව
තිස්සමහාරාම නුවර
රුහුණු පිහිටි මායා රට
පවසයි නිදහස් උදාව

ජය සිරි මහ බෝධි .../

මහවැලි කළු කැළණි නදී
ව‍ළවේ ගිං සිසිල දිදී
නිවහල් නව ගීත ගයයි
නවෝදයට අසිරි පතයි

ජය සිරි මහ බෝධි .../

හැම ගහකම මල් පිපෙන්න
තුරු වැල පල දරන්න
තෙරුවන් සරණේ බලයෙන්
අප සිරි ලක රැක දේවා
අප සිරි ලක රැක දේවා 
අප සිරි ලක රැක දේවා