ජය නාදේ ගීයයි මේjaya naadhee giiyayi mee

Jaya Nade Geeyai Me

ගී පද

ජය නාදේ ගීයයි මේ 
අභිමානෙන් රැව් දෙයි ලංකා 
සටනට එයි සිංහ පැටව් 
සුදානම් අපි ලංකා 
ජය නාදේ ගීයයි මේ
එකමුතු වී එකෙක් ලෙසින් 
පෙරටම යමු එකම සිතින් 
ජය නියතයි ශ්‍රී ලංකා... 

නමෝ නමෝ ශ්‍රී ලංකා 
පෙරටම යමු ශ්‍රී ලංකා 
කමෝන් කමෝන් ශ්‍රී ලංකා 
වාල්හ වාල්හ ශ්‍රී ලංකා... 

තාරුණ්‍යයේ ජවය අරන් 
යමු ජය මාවතේ ශ්‍රී ලංකා 
නම රන් අකුරින් ලියවමු 
යලි නොමැකෙන සේ 
කිරුළ අපේ පෙරටම යමු... 

නමෝ නමෝ ශ්‍රී ලංකා 
පෙරටම යමු ශ්‍රී ලංකා 
කමෝන් කමෝන් ශ්‍රී ලංකා 
වාල්හ වාල්හ ශ්‍රී ලංකා...