ජය අපටයි මේ කුසලානේjaya apatayi mee kusalaanee

Jaya Apatai Me Kusalane

ගී පද

සැරදේ... ශ්‍රී ලංකා...
පතමු ශ්‍රී ලංකා 
ජය අපටයි මේ කුසලානේ 
කුසලානේ// ජය අපටයි මේ කුසලානේ
ශ්‍රී ලංකා...//

සිංහ ධජ අහසේ දල්වා සිංහ තෙද මිහිකත පතුරා 
මවිත වූ හරඹේ පෙන්වා ශූරයන් අද එක්වීලා 
රාවණ දේශේ පුබුදා මිතුරුකම ලොවහට පෙන්වා 
කිරුළ නැවතත් පැමිණිලා ජය පතමු ජය කොඩි ඔසවා 

සැරදේ.....

පන්දුවයි පිත්ත තණතිල්ලයි 
රැව් දේ ජය ඝෝෂා රැව් දෙයි 
එක් කොඩියක් හමුවේ සටන් කරයි 
ජය ඝෝෂා පිටියේ රැව් දෙයි 
බල සිංහ සේ අරුම පරදනා 
ජය ගමු අපි වෙර දරා 
කුසලානේ// ජය අපටයි මේ කුසලානේ
ශ්‍රී ලංකා...//

පරාජය නෑ අපි දන්නේ 
සිංහ කොල්ලෝ එක යායේ 
නිමාවක් නෑ මේ සටනේ 
ගෙනෙන තුරු මේ කුසලානේ 
උදා වූ මේ සැණකෙළියේ 
ශූරයන් මැද රජ වෙන්නේ 
සිංහයන් පමණයි සොයුරේ 
සදා රන් අමරස වන්නේ 

සැරදේ.....///