ජල ධාරාවේjala dhhaaraawee

Jala Dharawe

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

(ජල ධාරාවේ - කිංකිණි රාවේ
හඬ මිහිරියි - මිහිරියි - මිහිරියි
රළ මාලාවේ මන් මේලාවේ
ලොව සොඳුරුයි සොඳුරුයි සොඳුරුයි)..//

හිම කඳු දිය වී - ගලන ජලාසේ 
නුවන් කඳුළු යයි සේදි සේදී 
මලය ගිරෙන් එන චන්දන සිසිලේ
මලය ගිරෙන් එන චන්දන සිසිලේ
නැවුම් හැඟුම් එයි පෑදි පෑදී

ජල ධාරාවේ..../

මිහිලිය හිනැහී රඟන වෙලාවේ
පෙණ පිඬු වැසි මැද නෑවි නෑවී
හෙල් මැලි පෙති මත දේදුණු පාටින්
හෙල් මැලි පෙති මත දේදුණු පාටින්
හදවත ඉපිලෙයි පාවි පාවී

ජල ධාරාවේ..../
(ලොව සොඳුරුයි සොඳුරුයි සොඳුරුයි)../////