ගී පද
ඉවසන මගේ හද ගිනි තියා ඔබේ ආදරේ බොරුවක් කළා
ආයේ කවදාකවත් හමුවන්නේ නෑ මා...
මං මේ තරම් හිත රවටලා ඔබ ළඟින් ආදරේ තියලා
(ජීවිතයේ වේදනා වින්දා...//)
හිත ඔබ ළඟයි තවම රැඳුනේ ආදරේ මිහිරි මතකයේ
මිරිඟුව වගේ ඔබ දුර ගියේ දුක නැද්ද ආදරේ අපේ
පුංචි හිත දරුණු ඇයි මෙතරම් ආදරේ විහිළුවක් එහෙනම්...
ඉවසන මගේ හද ගිනි තියා ඔබේ ආදරේ බොරුවක් කළා...
සිහින අතරේ දෙනෙත තෙමුණේ ඔබ නිසයි ජීවිතේ වින්දේ
හුස්ම වැටුණේ ඔයා හින්දයි ඒ සුසුම් නතර වේවිදෝ
ආදරේ මහ මෙරක් වේ නම් ලෝකයේ සමු අරන් යන්නම්...
ඉවසන මගේ...