ඉතින් කෝithin koo

Ithin Ko

සංගීතය:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
පද රචනය:
හර්ෂණ කේ පෙරේරාharshana kee pereeraa

ගී පද

තාලෙට අඩිය තියාලා
තොල කොනෙන් හපාලා
වඩින දෙවුලියෙ කවුද නුඹ
මා දෙස හොරෙන් බලාලා
ඇස් වටේ නළෝලා
හිතම හෙල්ලුව කවුද නුඹ

හැඩ උකුළේ වදින, තෙතට ගෙතුව කොණ්ඩේ අගේ
නුඹ මටම කැපෙන බව මෙ හිතට දැණුනා නගේ

(ඉතින් කෝ
කියන්න කෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා...//)

හෝ, හෝ, රූප සුන්දරී
හිතවත් වෙන්න ආශාවී
හඳුනා ගන්නට ලේසී
අද අපි දෙන්නා ගැළපිලී

රටා මවන සිනහවකට මං දැන් මත් වෙලා
රළු නැති මගේ හිතට අමාවකට සඳක් පායලා

(ඉතින් කෝ
කියන්න කෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා...//)

හෝ, හෝ, මාගෙ පෙම්වතී
හැඩවත් රෝස තොල්පෙතී
සිප ගත් මල් කරත්තෙ හී
යමු අපි බන්දා අතැඟිලී

රටා මවන සිනහවකට මං දැන් මත් වෙලා
රළු නැති මගේ හිතට අමාවකට සඳක් පායලා

(ඉතින් කෝ
කියන්න කෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා...//)