ගී පද
ඉතින් අවසරයි සමුගෙන යන්න ජීවිතෙන්
මැරුනු හිතක ආදරේ නැහැ දෙන්න ආයෙමත්
හමුවන්න ආයෙමත් උපදිනා භවේ
(පතන් නැහැ ආයෙනම් ඔබව නම් ලඳේ...//)
(වෙන්වෙන්න උඹ කෙරුව බොරු චෝදනා
රැව්දේ සිතේ මැරෙන මොහොතේ පවා...//)
හමුවෙලා එදා රහසේ ඔබ කියූ කතා
සිහිවෙලා සිතින් හඬන්නේ ලෝකෙටත් හොරා
අයිති වෙන්න අයිතියක් මට නැතෙයි කියා
(උදුර ගත්තෙ මගේ සෙනෙහේ හදවතම ඉරා...//)
(වෙන්වෙන්න උඹ කෙරුව බොරු චෝදනා
රැව්දේ සිතේ මැරෙන මොහොතේ පවා...//)
මතකයන් අපේ රහසේ පෑරි රිදුම් දේ
කියාගන්න වේදනා ඔබ ලඟින් නැතේ
අහිතක් නැතේ සතුටින් ඔබ ඉන්න ලඳේ
(පාළුවේ මියැදෙන්න කාලෙ එලඹිලා...//)
ඉතින් අවසරයි සමුගෙන......
(වෙන්වෙන්න උඹ කෙරුව බොරු චෝදනා
රැව්දේ සිතේ මැරෙන මොහොතේ පවා...//)