ඉතිහාසගත ප්‍රේමයක්ithihaasagatha preemayak

Ithihasagatha Premayak

සංගීතය:
ඉෂාන් උදේශishaan udheesha
පද රචනය:
ඉෂාන් උදේශishaan udheesha

ගී පද

වහිනවා නම් තදින් මහ වැසි 
එවිට නොපෙනෙයි මගේ කඳුලැලි
ඇති තරම් නිවෙනකල් දුක් ගිනි
මට හඬන්නට හැකි තෙමි තෙමී
කාගේ ශාපයක්ද මේ ඔබ මගෙන් වෙන් කළේ
හුස්මටත් වැඩිය මා පෙම් කෙරූ
(ඉතිහාසගත ප්‍රේමයක් වෙමු අපි 
මතු භවේදිවත් ආදරෙන් මුණ ගැහිී....//)

හැමතිස්සේ හිත අස්සේ හුරතල් වෙනා
ඒ මතකේ ඇස් අස්සේ කඳුලක් වෙලා
දින ගැන්නේ ඔබේ හුස්මේ අයිතිකාරයා
වී තුරුලේ හෙට දවසේ මියැදෙන්නයි මා
කාගේ ශාපයක්ද මේ ඔබ මගෙන් වෙන් කළේ
හුස්මටත් වැඩිය මා පෙම් කෙරූ
(ඉතිහාසගත ප්‍රේමයක් වෙමු අපි 
මතු භවේදිවත් ආදරෙන් මුණ ගැහිී....//)

හැම භවයේ උපදින්නේ ඔබ නමින් කියා
මා තුරුලේ ඔබ උන්නේ හීන මව මවා
අද ඔහුගේ නිදියහනේ කඳුළු හංගලා
සැතපෙන්නේ ඔබ දුකසේ මං දන්නවා
කාගේ ශාපයක්ද මේ ඔබ මගෙන් වෙන් කළේ
හුස්මටත් වැඩිය මා පෙම් කෙරූ.....

වහිනවා නම්......