ඉසුරු කොදෙව්වේisuru kodhewwee

Isuru Kodewwe

ඇල්බමය
Obe sina langa,Vol 2
සංගීතය:
ජගත් වික්‍රමසිංහjagath wikramasinha
පද රචනය:
වසන්ත රෝහනwasantha roohana

ගී පද

ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්

වියැකී යන්නට සැරසුනු මල දැක
සිත හැඬුවා මුළු ලොවට හොරෙන් //
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
මලේ සුවඳ ගෙන මලට හොරෙන්

ඉසුරු කොදෙව්වේ...

යලිදු පතන්නට පැතුම් පෙළක් නැත
හිත හැඬුවා මුළු ලොවට හොරෙන් //
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්

ඉසුරු කොදෙව්වේ...