ගී පද
(ඉස්සර බැඳි පෙම හිත් වල සුවදයි
යලි පුබුදන්න බැරී
එක්කර අතැඟිලි ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකි)...//
(ඔබ පියමන් කල සමනල මාවත
මට යාගන්න බැරී
ඔබ පතනා ලොව ඔබ ලබනා දින
මගෙ හිත සතුට දකී)...//
ඉස්සර බැඳි පෙම.../
(මගෙ අසරණ ලොව අද මා පමණකි
එය සඟවන්න බැරි
එක්කල දෑගිලි වෙන් නොම වේවා
පතනෙමි සුබාසිරි)...//
ඉස්සර බැඳි පෙම.../
(මට ඉවසන්න හැකි)..///