ඉස්සන් මගුරන්issan maguran

Issan Maguran

ගී පද

(ඉස්සන් මගුරන් 
ලොකු වැලි ගොව්වන් 
මේ දැන් අල්ලපු මාළු 
ලාබයි ගන්නකෝ යාලු....//)

සිලින් තුනයි වැල
උඩහ ගෙදර මැගී නෝනට මේ දැන් වික්කේ 
සත 10ක් අඩු කරලා දෙන්නම් 
ගන්නවද මැගී අක්කේ....//

ඉස්සන් මගුරන්...../

බල පොතු මාළුවා 
ඇඟ ලේ වඩවයි 
මම නෑ කියන්නේ බේගල් 
කේවල් කර කර ඉන්නේ ඇයි තව 
ඔතලා දෙන්නද මෙබෙල්....//

ඉස්සන් මගුරන්..../

හෙට්ටු කරලමයි වලවුවේ 
නෝනා නිතරම ගන්නේ 
තුට්ටුවේ  වාසියවත් මට 
ලැබෙන්නේ ඔහෙලා 
වගේ අයගෙන්නේ....//

ඉස්සන් මගුරන්..../