ඉරෙන් එළිය අරන් හැදුණු සඳ කිරණක් වාගෙiren eliya aran haedhunu sanda kiranak waage

Iren Eliya Aran Hadunu

ගී පද

ඉරෙන් එළිය අරන් හැදුණු සඳ කිරණක් වාගෙ 
අම්මාගෙන් පණ අරගෙන හැදුණු දිවිය මාගේ 
දෙවියන්ටත් දෙවියන් වු අපෙ අම්මා  වාගෙ 
කවුරුත් නෑ ආදරයක් දුන්නෙ මට ලෝකේ
ජීවිතයට වඩා වටිනවා අම්මා 
මේ ලෝකෙට වඩා දැනෙනවා අම්මා 
මට වැඩියෙන් දවසක් අම්මා 
ජීවත් වේවා මගෙ අම්මා..//

ජීවිතේ මට වගෙ වෙන කාටවත්ම නොකෙරු 
ආදරේ අම්මගෙ වරමක්ද මටම ලැබුණු 
ලේ ටික කිරි වුනාම 
ආදරේ වැඩි වුනාම 
දෙතනින් පිටාරය ගලයි
ඒ ණය මට ගෙවන්න බෑ මේ ආත්මයට 
හැමදාමත් මං ණයයි
අම්මට තාමත් ණයයි
මට වැඩියෙන් දවසක් අම්මා 
ජීවත් වේවා මගෙ අම්මා..//

මං නිසා ඔය නෙතින් කඳුලක් වැටෙන්න ඇතිනෙ
මං නිසා කරදරෙන් හිත රිදවාගන්න ඇතිනෙ
අම්මේ සමාවෙන්න නොසිතා දුන්නු දුකට 
මට පව් සිද්ද වෙන්නෙපා
ලබනා අත්මෙකදි දෙව් ලොව සම්පත් පිරි තැනකම යලි ඉපදේවා..//

ඉරෙන් එළිය..//