ඉරට උඩින්irata udin

Irata Udin

ගී පද

ඉරට උඩින් සිංදු කියන මාල ගිරව් රෑන
මිඳුල පුරා හිනැහෙනවා කිරි සුදු හඳපාන
ඇස් දෙක පියවෙන ගානේ පෙනෙයි මිහිරි හීන
මේ ඔක්කොම නුඹ හින්දයි මට සෙනෙහස පාන

පාන්දරින් මලිති බටිති සිංදු ඇහෙන කොට
නාන මංකඩේ කෙකටිය කැකුලු පිපෙන කොට
හීන්සීරුවේ ගොම්මන් අඳුර වැටෙන කොට
වාන් දමන හිතේ සතුට කියන්න බෑ මට

වංකගිරියෙ රටා පැදුර පිලේ එලාගෙන
වැවට උඩින් පායන හඳ දිහා බලාගෙන
හීන් හඬින් රහස් කියන දෑස් පියාගෙන
එන්න දවස එනතුරු මං ඉන්නෙ බලාගෙන