ගී පද
පෙර කල පවක් පල දුන් නිසා
සුදු ඔබව දැන් සදහටම නැතිවෙලා
ගත කරපු තැන් අපිට අපි ලං වෙලා
නුඹ නැතිව මං අසරණයි තනිවෙලා
(ඉරණමද මේ ලිව්ව අපි දෙන්නගේ
කරුමයද ඔබ ගෙව්වෙ මේ ජීවිතේ...//)
පින් මදි නිසා මා කෙරූ
හිමි උනේ නෑ ඔයා සුදූ
පෙම් කතා නෑ බොරුවට ගෙතූ
දැන් ඔයා නෑ සදහට පැතූ
(ඉරණමද මේ ලිව්ව අපි දෙන්නගේ
කරුමයද ඔබ ගෙව්වෙ මේ ජීවිතේ...//)
පෙම් කල නිසා මේ හැටි
ලෝකෙටත් වඩා ඔයා ගැන ලැදී
හිමි උනත් යලි මතු භවයක හරි
රකිමි මං ඔයා වෙන කාටත් නොදී
පෙර කල පවක් පල......
(ඉරණමද මේ ලිව්ව අපි දෙන්නගේ
කරුමයද ඔබ ගෙව්වෙ මේ ජීවිතේ...///)