ගී පද
ඉරක් හදක් නැති මගෙ සිත් අහසට
තරුවක් වූ ඔබ කෙතරම් මිහිරිද
කුහුරක් වූ පෙර වියලුනු සිතකට
සිසිලක් වී නුබ ගැලු හැටි පුදුමය
උදුරන්නට බැරි අත දිග මානෙක
පිපිලා සුව දෙන කුසුමකි ඉද හිට
ලන් වෙන්නට බැරි මිරිගුව දැක දැක
සිහිනෙන් තවරමි වතු සුදු නුබෙ වත
ඉරක් හදක් නැති මගෙ සිත් අහසට..........
අපමන බාධක රැලි නැග මතුවන
ඔරුවකි මගෙ හිත සිදු මතු පහ යන
නැවියෙක් වී නුබ මතු වී ඉද හිට
පෙන්නා දුන මැන මගෙ මට වරදින
ඉරක් හදක් නැති මගෙ සිත් අහසට..........