ගී පද
ආදරේ ආදරේ ආදරේ
ඉර සඳ වැදලා නෙත් දෙක ඇරලා
අත ඔබෙ නලලේ තියා
හදවත සපුරා පවසමි ඉදුරා
මම ආදරෙයි කියා
මගෙ සිත සැනසී සැක බිය වැනසී
ඝණදුර පහව ගියා
මම ඔබ අදුනා පිලිගමි ඉදුරා
මට ආදරෙයි කියා
සතර දිගන්තේ සොදුරු වසන්තේ
ඔය මුහුණෙහි දකිමි
ඇසිපිය නොහැරා දෙනෙතෙහි සතපා
ඔබෙ රුව මම රකිමි
ඉර සඳ වැදලා ....
මුළු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි
ඔබ පමණයි ඇත්තේ
ඔබ මා ලඟ නම් ජීවිතයට වෙන
කිසිවක් ඉඩ නැත්තේ
ඉර සඳ වැදලා ....