ගී පද
ඉර පුපුරනවාලු තරු පූදින වාරේ
හඳ මියයනවාලු තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුණා මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා අපි වාගේ
උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳී එක රෑනේ
මිරිගුව දැක සිහිනය ළඟ
නතර වී හිනැහෙමු
තටු පිරිමැද එක හීනෙක
රෑන වී පියඹමු
තුරුලේ ළමැදේ පිරුනේ ආදරෙන්
මගේ ජීවිතේ ඒ වගේ
උඩවැඩියා මලේ...
ඉර පුපුරනවාලු...
උඩවැඩියා මලේ...
එක උරහිස ළඟ පිලිවිස
කුමරිය හිස සිඹිමූ
උපදින හෙට එක මව් කුස
ආදරයේ නම කියමු
තුරුලේ ළමැදේ පිරුනේ ආදරෙන්
මගෙ ජීවිතේ ඒ වගේ
උඩවැඩියා මලේ...
ඉර පුපුරනවාලු...
උඩවැඩියා මලේ...//