ඉර පායනවා සඳ පායනවාira paayanawaa sanda paayanawaa

Ira Payanawa Sanda Payanawa

ගී පද

ඉර පායනවා සඳ පායනවා
අපේ අප්පච්චි කුඹුරට යනවා
ගොයම් කපනවා බැත පා එනවා
අපේ අප්පච්චි නිවන් දකිනවා…

දහඩිය බිඳුවක් අප්පච්චිගේ මුහුණ තෙමනවා
ඒ දහඩිය මට රන් මුතු වගේ වටිනවා
හෝඩි පොතේ අකුර අකුර කියාලා දෙනවා
අළුත් හාලේ බත් පොඩි කර මටත් කවනවා…

ඉර පායනවා…

නපුරු සතුන් රෑ යාමේ මාන බලනවා
නින්ද නැතිව අප්පච්චි හේන රකිනවා
හොඳට ඉගෙන අරගෙන මම ලොක්කෙක් වෙනවා
අප්පච්චිගේ හීන ලෝකේ මම සැබෑ කරනවා…

ඉර පායනවා…