ගී පද
ඉර පායා ඉර පායා
කළුවර හදකට - අව පස සදකට
ඉර පායා ඉර පායා
අලුත් දවසකට - නව මං පෙතකට
ඉර පායා ඉර පායා
එදා මෙදා තුර බිය සැක රැන්දු
රුදුරු වෙසක් හද තුල නීති රැන්දු
අදුරු තිමිර පට ඉරා දිනින්දු
සොදුරු හෙටක් සාදයි මන බැන්දු
ඉර පායා... /
ගිමන නිවන සිහිලැල් ගගුලක් සේ
දසත දිවෙන මහනෙල් සුවදක් සේ
දැවෙන ගතට සුව දෙන ඔසුවක් සේ
ඉර පායා ඇත අදුර මියෙන සේ..
ඉර පායා... /