ඉපිද මැරේ යළි ඉපදේipidha maeree yali ipadhee

Ipida Mare Yali Ipade

පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

ඉපිද මැරේ යළි ඉපදේ නොතිර සසර සාගරේ
අතරතුරේ නොමැරි මැරේ දස දහස් වරේ
නිසල නැතේ සසල වෙතේ - නොතිර සසර සාගරේ
නොතිර සසර සාගරේ

කුමට නැටුම් කෙළි කවට සිනා දා
මරුට නොමැත කිසි විටකදි බාදා
ඔබට නොදන්වා මරු මෙහි ආදා
යන්නට සිදු වන්නේ - ඉන්නට බැරි වන්නේ
නොතිර සසර සාගරේ

කුණු කය නිසරුයි - නැත පවතින්නේ
කළ හොද පමණයි -  මෙලොව රැදෙන්නේ
නැති බැරිකම ලෙඩ දුක ඇතිවන්නේ
අපටයි මිනිසුනේ - ඇයි එය නොසිතන්නේ
නොතිර සසර සාගරේ