ඉපදුණු දා මා හඩා වැටෙන්නැතිipadhunu dhaa maa hadaa waetennaethi

Ipdunu Daa Maa

ගී පද

ඉපදුණු දා මා හඩා වැටෙන්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...
දෙතනේ කිරි දී මා සනසන්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...

බඩ ගා දණ ගා මා නැගිටින්නැති
වැටි වැටි යළි නැගිටින්න ඇති....//

අම්මේ ඔබ හිනැහෙන්න ඇති...

මට නැගිටින්නට ඔබ අත දෙන්නැති
අම්මා මා සිප ගන්න ඇති...//

අම්මේ ඔබ හිනැහෙන්න ඇති...

වන්දි ගෙවන්නට අද මට පින් නැති
බුදුන් වදින ලෙස වදිමි වැටී

ඔබ මතු බුදු බව ලබනු ඇති...