ඉපදුන තැනදිම (ආදරණීය කතාවක්)ipadhuna thaenadhima (aadharaniiya kathaawak)

Ipaduna Thanadima (Adaraneeya Kathawak)

සංගීතය:
උදාර සමරවීරudhaara samarawiira
පද රචනය:
නන්දන වික්‍රමගේnandhana wikramagee

ගී පද

ඉපදුන තැනදිම මියැදෙන පැතුමක්
ආදර දෙසිතක ඉකිබිඳිනා
නොමියෙන මතකය පමණක් දෙහදේ
(සිරවේවිද උන් මියෙන තුරා...//)

කාටත් නොපෙනෙන කවුරුත් නොදකින
ලයේ පැතුම් පොදි තෙරපෙනවා
ඉගිලී යන්නට අහසක් තිබුනට
සිත ඉඩදෙන්නෑ ඉඩ දෙන්නෑ
ආදරයේ දැහැනින් මිදිලා...

සිතුවිලි අතරේ තනිවී ගොළුවුනු
බලාපොරොත්තුව යලි පුබුදා
දකිනා පෙනෙනා සිහිනේ සොයනා
කැලඹුණු සිත සංසිඳුණා… 

ඉපදුන තැනදිම...