ඉපදී ලොවේ නවාතැන් පළේipadhii lowee nawaathaen palee

Ipadee Lowe Nawathan Pale

ගී පද

ඉපදී ලොවේ නවාතැන් පළේ
මිනිසා රඟයි රංගනේ
භවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
සිනහා කඳුළූ එනවා යනවා

මේ සිහින ගමනේ නැවතී ඉන්නා
අම්බලමයි මාවතේ
මේ පාළු කතරේ ඔබ මා හමුවී
යායුතු මග මේ වේ
අහගන්න මිතුරේ ලෝකය කරළිය 
වෙනවා
මායාවේ නළුවෝ අපී

නොනිමන්න මිතුරේ පහනේ චායා
කිසිදා මේ අත්භවේ
සුදිලේවි හැමදා නාමේ ඔබගේ
හිරු සේ ආකාසයේ
ජය ගන්න මතු දා පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟ මණ්ඩලේ
පදමාලාව - හේමසිරි හල්පිට