ගී පද
ඉන්නවා මා යහතින් කාටත් වඩා
දන්නවා නුඹ රහසින් හැඬුවා කියා
ඉස්සරයි දුක් උනේ හිත මගේ උණු උනේ
නුඹට දුන් ආදරේ නෑ පරිස්සම් උනේ
(ආදරේ කාලේ නුඹට ආදරේ මා කලා
ඒ කාලේ මා අද අවසන් කලා)..//
දෙන්නගේ ආදරේ අතරේ තවෙකු වේ නම්
මේ තරම් වේදනා හීනෙන්වත් එපා
හදවතේ මා කෙරේ සෙනෙහේ තියෙනවා නම්
නුම නොවේ මට මෙසේ රිදවන්නේ සදා
ඉස්සරයි දුක් උනේ හිත මගේ උණු උනේ
නුඹට දුන් ආදරේ නෑ පරිස්සම් උනේ
ආදරේ කාලේ නුඹට ආදරේ මා කලා
ඒ කාලේ මා අද අවසන් කලා
ජීවිතේ හෝ මගේ පණ උනත් දෙන්නම් මගේ
එත් මගෙ ආදරේ ආයෙ හිමිවන්නේ නෑ
නුඹ නොවේ මට මගේ හදවත හඬලා කීවත්
එකම වරද ආයේ දෙවරක් කරන්නෑ
ඉස්සරයි දුක් උනේ හිත මගේ උණු උනේ
නුඹට දුන් ආදරේ නෑ පරිස්සම් උනේ
ඉන්නවා මා යහතින්....
ආදරේ කාලේ නුඹට....//